Gossips

ඉවත් කෙරුණු නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ට එස්.බී.ගෙන් සුබ ආරංචියක්

පසුගියදා පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී ආසන සංවිධායක ධුරයන්ගෙන් ඉවත් කරනු ලැබූ මන්ත්‍රීවරුන් හට ඉදිරියේදී නැවත එම ආසන සංවිධායක ධුරයන් ලබාදෙනු ඇති බව පක්ෂයේ භාණ්ඩාගාරික එස්.බී. දිසානායක පවසනවා.
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.