Gossips

නිදහස් පක්ෂ සභාපති ධුරය ඉල්ලා ගොනුකළ පෙත්සමක් ප්‍රතික්ෂේප වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යළි පත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ අභියාචනා පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට කොළඹ සිවිල් අභියාචනා මහාධිකරණය අද නියෝග කළා.
මීට පෙර කොළඹ දිසා අධිකරණය මෙම පෙත්සම ප්‍රතික්ෂේප කළ අතර, ඉන් අනතුරුවයි පෙත්සම්කරුවන් කොළඹ සිවිල් අභියාචනා මහාධිකරණයට පෙත්සමක් ගොනුකරනු ලැබුවේ.
ඒ අනුව, එම පෙත්සම සලකා බැලූ විනිසුරුවරුන් වන මනිලාල් වෛද්‍යතිලක සහ ඩී.එන්. සමරකෝන් එය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට නියෝග කළා.
බොරැලැස්ගමුව නගර සභාවේ සභාපති සහ නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව නියෝජනය කරන පුද්ගලයෙකු මෙම පෙත්සම ගොනුකර තිබුණා.