Gossips

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට අධිකරණයෙන් නියෝගයක්

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට කටහඩ පරික්ෂණයක් ලබාදීම සදහා රජයේ රස පරීක්ෂකවරයා හමුවේ පෙනී සිටින ලෙසට අධිකරණය අද නියෝග කළා.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ කරුණු දැක්වූ අවස්ථාවේදීයි.
එහිදී මහේස්ත්‍රාත්වරිය නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කළේ හෙට උදෑසන 10ට රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසටයි.
මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බවට ප්‍රකාශ කළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරගේ නිවසේදී අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා අද යළි අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
එහිදී මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කළේ එම ඉන්දීය ජාතිකයා ලබන මස 23 වනදා යළිත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටයි.