Gossips

තණතීරුවේ වැඩි වාසි බංග්ලාදේශයට හිමි වෙද්දී, අසිතට වැඩි අවස්ථාවක් ?

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන විස්සයි විස්ස තරඟය අද (18) පැවැත්වෙනවා.
තරඟ දෙකකින් සමන්විත තරඟාවලිය මේ වන විට තරඟ එකට බිංදුවක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණේ පසුවනවා.
අද තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුවනු ඇති බවටයි විචාරකයින් මත පළකරන්නේ.
ඒ අනුව වේගපන්දු යවන ක්‍රීඩක ෂෙහාන් මධුසංක වෙනුවට අසිත ප්‍රනාන්දු කණ්ඩායමට එක් වීමට වැඩි වශයෙන් ඉඩකඩ පවතින බව සඳහන්.
අද තරඟය පැවැත්වෙන ශිලෙත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ තණතීරුව බංග්ලාදේශයට වැඩි වාසියක් ගෙන දෙන අයුරින් සැකසීමට ඉඩකඩක් පවතින බව විචාරකයින් වැඩිදුරටත් මත පළකරනවා.
බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් තමීම් ඉක්බාල් නැවත කණ්ඩායමට එක්වීම නිසා අද (18) පැවැත්වෙන දෙවන විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයේදී ශ්‍රී ලංකාවට අභියෝගයක් එල්ල කිරීමට හැකිවනු ඇතැයි බංග්ලාදේශ නායක මහමුදුල්ලා විශ්වාසය පළ කළා.
කෙසේ නමුත් ඔහු කියා සිටියේ දිගු කලක් සිය පුහුණුකරු වූ චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස එක්වීම කණ්ඩායමට අවාසිදායක වූ බවයි.
එමෙන්ම සිය කණ්ඩායමේ ක්‍රීඩකයන් සුපුරුදු දස්කම් දැක්වූයේ නම් එම අභියෝගය ජයගත හැකිව තිබූ බවත් ඔහු සඳහන් කළා.