Gossips

යෝෂිතට නඩු පැවරීමේ සූදානමක්

මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය ඬේසි ෆොරෙස්ට්ට එරෙහිව නඩු පැවරීමට එහි උද්ධෘත නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර ඇති බව මූල්‍ය අපරාධ කොට්ඨාශය අධිකරණයට දැනුම් දී තිබෙනවා.
ඒ, රත්මලාන ප්‍රදේශයේ පිහිටි රුපියල් මිලියන 36 ක් පමණ වටිනා ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් වන නඩුවගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ කැඳවූ අවස්ථාවේදීයි.
අයථා මාර්ගයෙන් උපයා ගත් බවට සැක කෙරෙන මුදල්, ව්‍යාපාර කටයුතුවලට හා දේපල මිලදී ගැනීමට යොදවා ඇති බවට ලැබී ඇති පැමිණිල්ලකට අනුවයි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මෙම විමර්ශනය ආරම්භ කරනු ලැබුවේ.