Gossips

පාකිස්ථානය පැරදවූ බංග්ලාදේශය ආසියානු කුසලාන අවසන් තරගයට

ආසියානු කුසලානයේ ඉන්දියාව සමඟ හෙට පැවැත්වෙන අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමට බංග්ලාදේශය ඊයේ සුදුසුකම් ලබාගත්තා.
ඒ, පාකිස්ථානය සමඟ පැවති තරගය ලකුණු 37 කින් ජයග්‍රහණය කරමින්.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ ක්‍රීඩකයින් පන්දු වාර 48 යි පන්දු 5 ක් තුළදී සියලූදෙනා දැවී ලකුණු 239 ක් රැස් කළා.
කෙසේ වෙතත් පාකිස්ථාන ක්‍රීඩකයන්ට නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 202 ක් පමණයි.