දින 3 ක පමණ කාලයක සිට අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ හිස කොටසක් මනම්පිටිය නගරය පිටුපස ඇලක තිබීයදී සොයා ගැනුනා.
මියගොස් ඇත්තේ දිඹුලාගල නාමල්පොකුණ ප්රදේශයේ පදිංචි 57 හැවිරිදි තිදරු පියෙක්.
ඔහු පසුගිය 23 වනදා වේවැල් කැපීමට ගොස් ඇති අතර යළිත් නිවසට නොපැමිණීම හේතුවෙන් බිරිඳ විසින් පසුගිය 25 වනදා අරලගංවිල පොලිසියට පැමිණිල්ලක් ද කර තිබුනා.
මෙම පුද්ගලයා කොටලීය ඔයට වැටීමෙන් පසු කිඹුලෙකු විසින් සපා කෑම හේතුවෙන් මරණයට සිදුවන්නට ඇති බවටයි පොලිසිය සැක පළකරන්නේ.
ඡායාරූප – මනම්පිටිය නිමල් ජයරත්න