Gossips

හෝමාගම හල්ගහදෙණියේ රිය අනතුරකින් තරුණයෙක් මරුට

හෝමාගම මොරගහහේන මාර්ගයේ පිටිපන හල්ගහදෙනිය ප්‍රදේශයේදී සිදුවූ යතුරුපැදියක් වෑන් රථයක ගැටී සිදුවූ අනතුරකින් තරුණයෙක් මියගොස් තවත් තවත් අයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.
අනතුරින් බරපතළ තුවාල ලැබූ තරුණයන් දෙදෙනා හෝමාගම රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුවයි ඉන් එක් අයෙකු මියගොස් ඇත්තේ.
මීට දින කිහිපයකට ඉහතදී ද හෝමාගම හල්ගහදෙණිය ප්‍රදේශයේ සිදුවූ ත්‍රිරෝද රථ අනතුරකින් පුද්ගලයකුට දිවි අහිමි වූවා.
මෙලෙස මියගොස් ඇත්තේ වැළිමඩ, පේරවැල්ල වැරැල්ලන්ද ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 30 හැවිරිදි අවිවාහක තරුණයෙක් බවටයි වාර්තා වන්නේ.
ඔහු වෘත්තියෙන් මෝටර් කාර්මිකයෙකු වන අතර මොරගහහේන බෙරුකැටිය ප්‍රදේශයේ ඥාති නිවසක නතරවී සිට ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
අනතුර සිදුවන අවස්ථාවේ මෙම තරුණයන් දෙදෙනා ආරක්‍ෂිත හිස්වැසුම් පැළඳ සිට නොමැති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.
එදින රාත්‍රියේ පැවති සාදයක් සඳහා අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට හෝමාගම ප්‍රදේශයට ගොස් නැවත පැමිණෙමින් සිටියදීයි අදාළ අනතුර සිදුවන්නේ.
එහිදී ඔවුන් ගමන් කළ දෙසටම ගමන්කළ තවත් ත්‍රිරෝද රථයක් පසුකර යාමට උත්සාහ ගැනීමේදී තලගල දෙසින් පැමිණි වෑන් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
අදාළ අනතුර සිදුවන ආකාරය අසළ සවිකර තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුනේ මෙලෙසින්.