Gossips

පොලිස් අත්අඩංගුවට පත්වූ පස් ටිපර් රථයක් පස් මාර්ගයේ දමා පළා යයි

ආණමඩුව පල්ලම ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා පස් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බලපත්‍ර කොන්දේසි කඩ කරමින් පස් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු පොලිස් අණ නොතකා ටිපර් රථයක් ධාවනය කර ඇති අතර පසුව එය අත්අඩංගුවට ගෙන තිබුනා.
එය පොලිසියට රැගෙන එන අවස්ථාවේ රියදුරා රථයේ තිබු පස් මාර්ගයේ හලා රථය රැගෙන පළාගොස් තිබු බවයි අප වාර්තාකරු කියාසිටියේ.
පසුව සැකකරු ටිපර් රථය වෙනත් ස්ථානයක ගාල්කර පළාගොස් තිබෙනවා.
මෙම පුද්ගලයා ටිපර් රථයේ තිබූ පස් මාර්ගයේ හලා යන ආකාරය අසල වෙළඳසැලක සවිකර තිබු CCTV කැමරාවක පටිගත වී තිබුනා.
මෙම සිද්ධිය හේතුවෙන් මාර්ගයේ ගමන් කළ රථ වාහනවලට ද දැඩි අවහිරයක් සිදුව තිබු අතර මාර්ගයේ වැටී තිබු පස් ප්‍රදේශවාසීන් විසින් ඉවත්කරනු ලැබුවා.
සිද්ධියට අදාළ සැකකරු පසුව පොලිස් අත්අඩංගුවට ගැනුනා.