Gossips

වලවේ ගඟට පැන්න කාන්තාවක් සොයා විමර්ශණ (ඡායාරූප)

අම්බලන්තොට වලවේ ගඟට පැන සියදිවි හානි කරගත් බවට සැක කෙරෙන කාන්තාවක් සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.
මෙලෙස අතුරුදන්වී ඇත්තේ අම්බලන්තොට වඳූරුප්ප ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි දෙදරු මවක්.
ඇයගේ ගමන් බෑගයේ තිබී සැමියා නමට ලියන ලද ලිපියක් ද හමුවී තිබෙනවා.
පවුල් ආරවුලක් හේතුවෙන් ඇය ගඟට පැන ඇති බවටයි සැක කෙරෙන්නේ.
ඊයේ සවස ඇය සේවය කරන වෙළඳසැලේ සිට නිවසට යන අතරතුර ගමන් බෑගය පාලම මත තබා ගඟට පැන ඇතැයි පොලිසිය සැක පළකරනවා.
මෙම කාන්තාව ගඟට පැන ඇති බවට සැක කෙරෙන ස්ථානයේ නාවික හමුදාවේ කිමිදුම්කරුවන් කණ්ඩායමක් සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළ ද මෙතෙක් කිසිදු හෝඩුවාවක් හමුවී නැහැ.
සිද්ධිය පිළිබඳ අම්බලන්තොට පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඡායාරූප – අම්බලන්තොට රාහුල් සමන්ත