Politics Sri Lanka

රුපියල 156 ඉක්මවයි

රුපියල 156 ඉක්මවයි

රටේ දැනට උද්ගතව ඇති දේශපාලන අර්බුදය හමුවේ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල වේගයෙන් අවප්‍රමාණය වෙමින් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

පසුගිය සිකුරාදා වන වට ඩොලරයක ගැනුම් මිල රුපියල් 152.89 ලෙසින්ද සටහන් වූ අතර එහි විකිණුම් මිල රුපියල් 156.67 ලෙසින් දැක්වුණි.

දින කිහිපයක් ඇතුළත රුපියල 3.5%කින් පමණ අවප්‍රමාණය වී ඇති අතර මෙම තත්ත්වය දින කිහිපයක් තුළ කළමනාකරණය කරගත නොහැකි වුවහොත් රටේ ආර්ථික තත්ත්වය බරපතළ ලෙස පහළ වැටෙනා බවත් එමගින් ආනයනික භාණ්ඩවල මිල ගණන් ඉහළ යෑම නිසා සැලකිය යුතු බලපෑමක් ආර්ථිකයට සිදුවිය හැකි බවත් මහ බැංකු ආරංචි මාර්ග පවසයි.

කෙසේ නමුත් අද වනවිට ඩොලරයට සාපෙක්ෂව රුපියගේ අගය රුපියල් 155.28ක අගයක පවතියි.