Gossips

අපනයන ආර්ථිකය ශක්තිමත් කරනවා – අගමැති

ගෝලීය ආර්ථික අර්බුදයට මුහුණදීම සඳහා මෙරට අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ අද පැවති උත්සවයකට එක්වෙමින්.
පසුගිය රජය ලබාගත් ණය තවදුරටත් ගෙවීමට සිදුව ඇති බව අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළා.
උද්ගත වී ඇති ගෝලීය ආර්ථිකය වත්මන් ආණ්ඩුව විසින් ඇති කරන ලද්දක් නොවූවත් එහි බලපෑම මෙරටට එල්ලවී ඇති බවද ඔහු සඳහන් කළා.