Gossips

පොලිසියට නොගිය සාරි සොරකම

හැටන් නගරයේ නිමි ඇදුම් අලෙවි කරන වෙළදසැලක වටිනා සාරියක් සොරාගන්නා ආකාරය එම වෙළදසැලේ සිසිටිවී කැමරා පද්ධතියේ සටහන් වී තිබූ රූප රාමුවක් මේ දිනවල සමාජ වෙබ් අඩවියට මුදා හැර තිබෙනවා.
උදෑසන වෙළදසැල විවෘත කළ අවස්තාවක එහි අයිතිකරු පමණක් මුදල් කවුලුවේ රැදි සිටින අවස්තාවේ වෙළදසැලට පැමිණි තරුණයෙක් රාක්කයක් මත අලෙවි කිරීමට තිබෙන වටිනා සාරියක් අයිතිකරුට නොපෙනෙන සේ රැගෙන සිය බෑගය තුලට ඉතා සුක්ෂම ලෙස දමා ගන්නා ආකාරය එම වෙළදසැලේ සවිකර තිබූ සීසීටිවී කැමරාවේ සටහන් වී තිබෙනවා.
සාරිය සොරකම් කර සිය බෑගයේ දමා ගැනිමෙන් අනතුරුව වෙළදසැලේ අයිතිකරුට එම තරුණයා කතා කර එම වෙළදසැලේ අලෙවි කිරිමට තිබෙන ඉලෙක්ට්‍රොනික් උපකරණයක් පිලිබදව විමසා ඔහු වෙළදසැලෙන් පිටව ගොස් ඇති බවයි සඳහන් වන්නේ.
එම තරුණයා වෙළදසැලෙන් පිටව ගිය පසු ඒ පිලිබදව සැක සිතු වෙළදසැල් හිමියා ඒ පිලිබදව වෙළදසැලේ අනෙකුත් සේවකයන්ට පවසා සීසීටිවී කැමරා පද්ධතිය පරික්ෂා කිරිමේදි සොරකම අනාවරණය වි තිබෙනවා.
මෙම තරුණයා හැටන් දික්ඔය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු බව හදුනාගෙන ඇති අතර ඒ පිලිබදව වෙළදසැල්හිමියා පොලිසියට පැමිණිලි නොකර එම සොරකමේ දර්ශන සමාජ මාධ්‍යය ජාලවලට මුදා හැර තිබෙනවා.