Gossips

අහංගම නගරයේ වෙළඳසැල් දෙකක ගින්නක්

වැලිගම – අහංගම – මුණිදාස මාවතේ පිහිටි වෙළඳසැල් දෙකක ඊයේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.
රාත්‍රී 10.55ට පමණ ගින්න හටගෙන ඇති අතර, අහංගම පොලිසියේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරනු ලැබුවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.