Gossips

ඥානසාර හිමියන් යළි ජයවර්ධනපුර රෝහලට

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද යළි ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කරනු ලැබුවා.
ඒ නියමිත සායනයට සහභාගි වීම සදහා අද එහි පැමිණි අවස්ථාවේ වැඩිදුර ප්‍රතිකාර සදහා ඥානසාර හිමියන් යළි රෝහල් ගත කළ යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කිරීම හේතුවෙන්.
ඒ අනුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ 05 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබනවා.
මේ අතර, සන්ධ්‍යා එක්නැලිගොඩට බැන, තර්ජනය කිරීමේ සිද්ධියට අදාළව ලබාදුන් සය මසක සිරදඩුවමට එරෙහිව ඥානසාර හිමියන් හෝමාගම මහාධිකරණයේ ගොනුකළ අභියාචනා පෙත්සම යළි සලකා බැලීම ලබන මස 4 වනදා දක්වා කල් දමා තිබෙනවා.
එසේම වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට මාස 06 කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ ඔහු ගොනුකළ ඇප අයදුම්පතක් අභියාචනාධිකරණ සහභාගි විනිසුරු ප්‍රීති පද්මන් සූරියසේන හමුවේ පසුගිය සිකුරාදා සලකා බැලූණු අවස්ථාවේදීයි.
එමෙන්ම රුපියල් කෝටි දෙකක අල්ලසක් ලබාගැනීමේදී අත්අඩංගුවට ගත් ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි.කේ.මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී. දිසානායක ද අද ඇප මත මුදා හැරුණා.