Gossips

නායකත්වය අහිමි වූ මැතිව්ස්ට, තරගාවලියත් අවිනිශ්චිතයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ අසමත්වීම මත නායකත්වයෙන් ඉවත් කෙරුණු ඇන්ජලෝ මැතිව්ස්, එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරයේදී එක්දින සහ විස්සයි විස්ස සංචිතවලින් ඉවත් කිරීමට සැළසුම් කර ඇති බව වාර්තාවනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරින් ඒ සඳහා මැතිව්ස්ගේ කායික යෝග්‍යතාව ප්‍රශ්න කිරීමට කටයුතු කරනු ඇති බව සඳහන්.
ආසියානු කුසලාන තරගාවලියේ පරාජය සම්බන්ධයෙන් මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලිපියක් යොමුකර තිබූ අතර, එමඟින් ඔහු කියා සිටියේ එහි වගකීම තමා වෙත පමණක් පැවරීම සාධාරණ නොවන බවයි.
එමෙන්ම අවශ්‍ය නම් එක්දින සහ විස්සයි විස්ස තරගවලින් විශ්‍රාම ගැනීමටද සුදානම් බව මැතිව්ස් ප්‍රකාශ කර තිබුණා.