Gossips

දකුණු පළාත් සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් විරෝධතා පා ගමනක (ඡායාරූප)

ගෑස් මිල ඉහළයාම, ඉන්ධන මිල ඉහළයාම, රුපියල අවප්‍රමාණය වීම ඇතුළු කරණු රැසකට විරෝධය පළ කිරීම සඳහා දකුණු පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් අද සභාවට පැමිණියේ විරෝධතා පා ගමනකින්.
මේ අතර ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව දකුණේ ධීවරයින් මාතර කතරගම ප්‍රධාන මාර්ගය දෙවුන්දර ප්‍රදේශයෙන් අවහිර කරමින් අද විරෝධතාවක නිරත වූ අතර මේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමනයට දැඩි බාධා එල්ල වුණා.





ඡායාරූප – හබරාදූව නිමල් අල්ගෙවත්ත