බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, ඌව, උතුරුමැද, මධ්‍යම සහ දකුණු පළාත්වල ඉදිරි දිනවලදී මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම තාවකාලිකව පැයට කිලෝමීටර් 70ත්, 80ත් අතර තද සුළං ද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
අද පෙරවරු 8.30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය කොළඹ – අංගොඩ ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එය මිලිමීටර් 129.5ක්.
මිලිමීටර් 106ක් වූ දෙවන වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙන්.
අධික වර්ෂාව හේතුවෙන් වැලිකඩ – රාජගිරිය ප්‍රදේශයේ මෙන්ම කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රදේශයේ නිවාස 40කට වැඩි සංඛ්‍යාවක් ජලයෙන් යට වුණා.
එසේම කොළඹ තවත් ප්‍රදේශ කිහිපයක මාර්ග ද ජලයෙන් යටවී තිබූ බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.
වැසි සහිත කාලගුණ තත්ත්වයේ යම් අඩුවීමක් අනිද්දා සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ අතුල කරුණානායක කියා සිටියා.