Gossips

නිවසකට ඇතුලුවී මුදල් සොරකම් කළ පුද්ගලයෙකු සෙවීමට පොලිස් පරීක්ෂණ

හැටන් කොටගල පැරකුම්පුර ප්‍රදේශයේ නිවසකට ඇතුලුවී මුදල් සොරකම් කළ සැකකරුවෙකු සෙවීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
පැරකුම්පුර ජනපදයට පිවිසෙන ප්‍රධාන මාර්ගයේ අවස්ථා කිහිපයකදී එහා මෙහා ගමන් කරමින් නිවස පිළිබඳ විපරම් කළ සැකකරු නිවසේ පිටුපස ජනේලයක් කඩා නිවසට ඇතුලුවී ඇතැයි සඳහන්.
ඊයේ පෙරවරු 11 ට පමණ නිවසේ කිසිවෙකුත් නොසිටි අවස්ථාවක මෙම පුද්ගලයා නිවසට ඇතුලුවී තිබෙනවා.
නිවෙස් හිමිකරුවන් ලොරි රථවලින් වෙනත් ප්‍රදේශවලට ගොස් ගෘහ භාණ්ඩ අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරතව සිටින අතර ඒ පිළිබඳ හොඳින් දන්නා පුද්ගලයෙකු මෙම සොරකමට සම්බන්ධ බවටයි සැක කෙරෙන්නේ.
මෙම සැකකරු එම නිවස අසල සැරිසරන ආකාරය ප්‍රදේශයේ ගොවිපළක සවිකර තිබු කැමරාවක සටහන් වී තිබුනා.