Gossips

මාලදිවයිනේ පැවති සහ නව රජයේ ප්‍රධානීන් අගමැති සමඟ සාකච්ඡාවක

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මාලදිවයින් හිටපු ජනපති අබ්දුල්ලා යමීන් සමඟ දුරකථන සංවාදයක නිතර වී තිබෙනවා.
නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම පිළිබදව අග්‍රාමාත්‍යවරයා අබ්දුල්ලා යමීන් වෙත සිය ප්‍රසාදය පළ කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය කියා සිටියේ.
එමෙන්ම මාලදිවයින් මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ඊබ්‍රහිම් මොහොමඞ් සෝලිට ද අද උදෑසන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය සුභාෂිංසන එක් කර තිබෙනවා.
මාලදිවයින් හිටපු ජනපති මොහොමඞ් නෂීඞ් ඊයේ අරලිය ගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවූ බව ද අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළා.