Gossips

ශ්‍රී ලංකාවට ඇමරිකාවෙන් කෝටි 8,000ක සංවර්ධන ආධාරයක්

ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 480 ක එනම් රුපියල් කෝටි 8,000 කට අධික සංවර්ධන ආධාර සැපයීමට එක්සත් ජනපද රජයට සහශ්‍ර අභියෝගතා සංස්ථාව තීරණය කර තිබෙනවා.
එහි ප්‍රධාන විධායක නිලධාරී බ්‍රොක් බර්මන් ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවු අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මෙම මුදල් පරිත්‍යාගයට අදාළ කෙටුම්පත දැනටමත් සකස් කර අවසන් බවත් එය ඉදිරියේදී එක්සත් ජාතීන්ගේ සෙනෙට් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවද බ්‍රොක් බර්මන් ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.
එම අනුමැතිය ලැබීමෙන් පසුව එළඹෙන දෙසැම්බර් මාසයේදී අදාළ ගිවිසුමට කොළඹදී අත්සන් තැබීමට නියමිතයි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදෙන මෙම නව සංවර්ධන ආධාර මගී ප්‍රවාහන සේවාවේ සංවර්ධනය මෙන්ම මාර්ග තදබදය අවම කිරීමේ නව ව්‍යාපෘති වෙනුවෙන් යෙදවීමට බලාපොරොත්තු වන බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත්තේ.