Gossips

ඉම්රාන් ඛාන්ට එරෙහි පෙත්සමක් පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි

පාකිස්ථාන ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම නිසා ඔහු නුසුදුස්සෙකු බවට නම් කරන ලෙස ඉදිරිපත් වූ පෙත්සමක් එරට ශ්‍රේෂ්ඨාධිකරණය අද ඉවත දමනු ලැබුවා.
ඉම්රාන් ඛාන් මන්ත්‍රීවරයෙකුව සිටි සමයේ ඉදිරිපත් කළ එම පෙත්සම අක්‍රිය වී ඇති බවයි ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේ.
මැතිවරණය සදහා නාම යෝජනා ඉදිරිපත් කිරීමේදී ඔහුට දාව පෙම්වතියකට උපන් නීත්‍යානුකූල නොවූ දරුවෙකු වන ටයිරියන් වයිට් පිළිබදව හෙළි නොකිරීම නිසා, ඉම්රාන් ඛාන් නුසුදුස්සෙකු ලෙස නම් කරන්නැයි පෙත්සම මගින් ඉල්ලා තිබුණා.