Gossips

කිරිඳිවැල – හේනේගමදී යකඩ පොල්ලකින් පහරදී පුද්ගලයෙකු මරුට

වැලිවේරිය – කිරිඳිවැල මාර්ගයේ හේනේගම මංසන්ධිය අසළදී හිසට යකඩ පොල්ලකින් පහරදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
ඊයේ රාත්‍රියේ 9.30 ට පමණ මෙම පහරදීම සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෙලෙස මියගොස් ඇත්තේ පුටුපාගල – මණ්ඩාවල පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙක්. මියගිය පුද්ගලයා සහ පහරදී ඇති පුද්ගලයා එකම මෝටර් රථයකින් සිද්ධිය වූ ස්ථානයට පැමිණ ඇති අතර, පෞද්ගලික අමනාපයක් මත ඇතිවූ ආරවුලක් හේතුවෙන් සැකකරු විසින් මෙම පහරදීම සිදුකර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගේ හිසටද තුවාල සිදුව ඇති බැවින් පොලිස් ආරක්ෂාව යටතේ ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.