Gossips

පොලිස් පරීක්ෂක රංගජීවට ඇප

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට මාස 06කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ ඔහු ගොනු කළ ඇප අයදුම්පතක් අභියාචනාධිකරණ සභාපති විනිසුරු පී‍්‍රති පද්මන් සූරසේන හමුවේ පසුගිය සිකුරාදා සලකා බැලුණු අවස්ථාවේදීයි.
ඒ අනුව පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව රුපියල් ලක්ෂ 02 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදා හැරීමට නියෝග කළ අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා ඔහුට විදෙස් ගමන් ද තහනම් කරනු ලැබුවා.