Gossips

අයි.කේ මහානාම සහ පී.දිසානායකට ඇප

රුපියල් මිලියන 20ක අල්ලස් මුදලක් ලබා ගැනීමේ සිද්ධියකට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානි අයි.කේ මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී.දිසානායක ඇප පත නිදහස් කර තිබෙනවා.
ඒ ඔවුන් කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට අද (25) ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.
කන්තලේ සීනි සමාගමට අයත් කොටස් ඉන්දියානු සමාගමකට ලබාදීම වෙනුවෙන් එම සමාගමෙන් රුපියල් කෝටි 54ක අල්ලස් මුදලක් ඉල්ලා ඉන් අත්තිකාරමක් ලබාගත් අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් කොළඹ පිහිටි හෝටලයක රථගාල තුලදී මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය මැයි මස 03 වනදා පස්වරුවේයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් හෝටල් රථගාල තුල අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් කෝටි 2ක අල්ලස් මුදල ගණන් කරමින් සිටි බව සඳහන්.