Gossips

කිම් ජොං අන් නැවත හමුවන්න, ට්‍රම්ප් සූදානම්

උතුරු කොරියානු නායක කිම් ජොං අන් සමඟ නුදුරේදීම දෙවන සමුළුවක් පැවැත්වීමට සූදානම් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.
ඔහු මේ බව සඳහන් කළේ උතුරු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් සමඟ නිව්යෝක් නුවර ඊයේ (24) පැවති සාකච්ඡාවකදියි.
සබඳතා ඉතා හොඳ මට්ටමක පවතින අතර, ඇතැම් විට එය සුවිශේෂී වන බව ජනපති ට්‍රම්ප් සඳහන් කර තිබෙනවා.
මීට වසරකට පමණ පෙර උතුරු කොරියානු නායකයා සහ ජනපති ට්‍රම්ප් අතර, න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් දැඩි වාග් සංග්‍රාමයක් පැවතුණා.
එහෙත් පසුගිය ජූනි මාසයේ සිංගප්පූරුවේ පැවති හමුවෙන් පසු දෙපාර්ශවයේ සබඳතා වැඩිදියුණු වෙමින් පවතිනවා.