Gossips

ලෝක දැල්පන්දු ශූරතා තරඟාවලියට ශ්‍රී ලංකාව සූදානමින්

ලබන වසරේ එංගලන්තයේ ලිවර්පූල් හි පැවැත්වෙන ලෝක දැල් පන්දු ශූරතා තරඟාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුවීම් කටයුතු ඔක්තෝම්බර් 2 වන දා ඇරඹෙනවා.
ඒ සඳහා පසුගිය දා සිංගප්පූරුවේ පැවති ආසියානු දැල් පන්දු ශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 15 දෙනාම සහභාගි වන අතර, ඔවුන්ට අප්‍රිකාවේ පුහුණු සංචාර දෙකක් ද සංවිධාන කර ඇති බවයි ශ්‍රී ලංකා දැල් පන්දු පුහුණුකාරිනිය වන තිලකා ජිනදාස ප්‍රකාශ කළේ.
ලබන වසරේ ජුලි 12 වන දා සිට 21 වන දා දක්වා එංගලන්තයේ පැවැත්වෙන ලෝක දැල් පන්දු ශූරතා තරඟාවලියට ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව ආසියාව නියෝජනය කරමින් සහභාගි වනවා.
ශ්‍රී ලංකාව මෙවර කාණ්ඩගත කර ඇත්තේ පසුගිය ලෝක ශූරියන් වූ ඕස්ට්‍රේලියාව, උතුරු අයර්ලන්තය සහ සිම්බාබ්වේ සමඟයි.