Gossips

ස්නයිපර් ගිනි අවි භාවිතයෙන් ඝාතන කුමන්ත්‍රණයක් ගැන පරීක්ෂණ

ස්නයිපර් ගිනි අවියක් භාවිතයෙන් ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පැවතියේ ද යන්න සම්මබන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.
එම දෙපාර්තමේන්තුවේ උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ප්‍රධානත්වය දැරූ ත්‍රස්ත විමර්ශන ඒකකයට අදාළ ගිනි අවියක් නිකුත් කර තිබුණේ ද යන්න මේ වන විට විමර්ශනය කරමින් සිටින බවයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු ප්‍රධානී, නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සැලසුම් කර ඇති බවට හෙලි කෙරුණේ දූෂණ විරෝධී බලකාය නැමති සංවිධානය පසුගිය දා කැදවා තිබූ මාධ්‍ය හමුවකදියි.