17 ත් වසරකට අධික කාලයක් පොලිස් විශේෂ කාර්ය බලකායේ සේවය කර ඇති නිෂාන්ත මේ වන විට දරුණු වකුගඩු රෝගයකින් පීඩා විඳින පුවතක් අපට වාර්තා වුනේ කඩවතින්.
වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ නිෂාන්තට O වර්ගයේ හෝ Bවර්ගයේ රුධිර ඛාණ්ඩය හා සැසදෙන වකුගඩුවක් හැකි වහාමබද්ධ කළ යුතු බවටයි.
වකුගඩු අක්‍රිය වීම හේතුවෙන් නිරන්තරයෙන් රෝගී වන නිෂාන්තගේ බර කරට ගත් බිරිඳට මේ සියල්ල කර ගැනීමට ආර්ථික පහසුකම් හරස් වෙලා.
යුද සමයේදීත් සටන් වැද දේශයක් ආරක්ෂා කිරීමට කැපවූ නිෂාන්තගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමට පවුලේ උදවිය වගේම ඥාතීන් නොවිදිනා දුකක් නැති තරම්.