Gossips

මෝටර් රථයක් හා ත්‍රී රෝද රථයක් මුහුණට මුහුණ ගැටිමෙන් එක් අයෙකු රෝහලේ (ඡායාරූප)

නුවරඑළිය-හැටන් මාර්ගයේ කොටගල ප්‍රදේශයේදී මෝටර් රථයක් හා ත්‍රී රෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් එක් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
අද දහවල් 1.00 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
අනතුරින් ත්‍රී රෝද රථයේ රියදුරා තුවාල ලබා ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය කියා සිටියේ.
මෝටර් රථයේ රියදුරාගේ අපරික්ෂාකාරී රිය ධාවනය නිසා මෙම අනතුර සිදුව ඇති බවටයි පොලීසිය සිදු කරන ලද මුලික පරීක්ෂණවලදී අණාවරණය වී ඇත්තේ.
අනතුර සම්බන්ධයෙන් දිඹුල පතන පොලීසිය වැඩිදුර විමර්ශන් සිදුකරනවා.

(ඡායාරූප – මස්කෙළිය ගාමිණී බණ්ඩාර )