Gossips

මාලදිවයින් ජනපති පරාජය පිළිගනී

විපක්ෂයේ අපේක්ෂක ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි ජයග්‍රහණය කරමින් අවසන් වූ මාලදිවයින් ජනපතිවරණයේ ප්‍රතිඵලය පිළිගන්නා බව එරට ජනාධිපති අබ්දුල්ලා යමීන් ප්‍රකාශ කළා.
මාලේ අගනුවර දී ඔහු ප්‍රතිවාදී අපේක්ෂකයා හමුවී ඇති බව ද සඳහන්.
මාලදිවයින් ජනතාව සිය කැමැත්ත ප්‍රකාශ කර ඇති අතර, එය තමා පිළිගන්නා බවයි ජනපති යමීන් සඳහන් කර ඇත්තේ.
මාලදිවයින් ජනාධිපතිවරණයේ නිළ ප්‍රතිඵලය සැප්තැම්බර් 30 වන දා ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර, වත්මන් ජනාධිපතිවරයාගේ කාලය අවසන් වන්නේ නොවැම්බර් 17 වනදායි.
එදින තෙක් තමා ජනපති ධුරයේ කටයුතු කරන බවයි මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් කියා සිටියේ.