Gossips

නේපාලයේ කොටි ගහණය දෙගුණ වෙයි

නේපාලයේ වනගත කොටි ගහණය පසුගිය වසර 9 තුළ දෙගුණයක් වී ඇති බව සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.
2009 වසරේදී 121ක් වූ නේපාල කොටි ගහණය නවතම සමීක්ෂණයට අනුව 235 දක්වා ඉහළ ගොස් ඇති බවයි නේපාල වනෝද්‍යාන සහ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
රාජකීය බෙංගාල ව්‍යාඝ්‍රයා ද නේපාල කොටි විශේෂයන්ට ඇතුළත්.
වනාන්තර විනාශය සහ දඩයම් කිරීම හේතුවෙන් ආසියාකරයේ කොටි ගහණය සීග්‍රයෙන් පහත වැටුණු අතර, එම සංඛ්‍යාව වසර 2022 වන විට දෙගුණ කිරීම සඳහා නේපාලය ඇතුළු රටවල් 12ක් 2010 වසරේදී සම්මුතියකට එළඹුණා.