Gossips

ඇමරිකාවේ පොලී අනුපාතවල බලපෑමෙන් රුපියල තවත් බාල්දු වෙයි

ඇමරිකාව මේ වසර තුල තවත් අවස්ථා දෙකකදී සිය පොලි අනුපාත ඉහළ දැමීමට සුදානම් වන නිසා ඉදිරියේදී ඇමරිකානු ඩොරලයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණ විය හැකි බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙනවා.
පසුගිය සතිය ආරම්භයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් මිල 165 යි ශත 14 ක් ලෙස සටහන් වූ අතර, සතිය අවසානයේදි එය රුපියල් 170 යි ශත 65ක් දක්වා අවප්‍රමාණ වුණා.
මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න කියා සිටියේ රුපියල අවප්‍රමාණ වීම වැලැක්වීමට පවතින කෙටි කාලීන විසඳුම් සීමාසහිත බවයි.
කෙසේ වෙතත් ආනයන ආදේශන සකස් කිරීම සහ මෙරට අපනයන ශක්තිමත් කිරීම තුලින් මෙම ගැටළුවට විසදුම් ලබාගත යුතු බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරික ආර්ථික විද්‍යාව පිලිබඳ මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න කියා සිටියේ.