Gossips

පරාජයේ වගකීම තමාට පැවරෙන්නේ නම් ක්‍රීඩාවෙන් සමුගැනීමට සුදානම් – මැතිව්ස්

ආසියානු කුසලාන තරඟාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම අසර්ථක වීමේ වගකීම මුළුමනින්ම තමා වෙත පැවරෙන්නේ නම් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට වුවද සුදානම් බව ශ්‍රී ලංකා එක්දින සහ පන්දුවාර 20 කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දන්වා තිබෙනවා.
මේ අතර එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් නායකත්වයෙන් ඉවත්වූ ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ඈෂ්ලිද සිල්වා වෙත ලිපියක් යොමු කර තිබුණා.
එමඟින් ඔහු පෙන්වා දී තිබුනේ ඕනෑම අවස්ථාවක සිය උපරිමය කණ්ඩායම වෙනුවෙන් ලබාදීමට තමන් සුදානම් බවයි.
කණ්ඩායමේ පුහුණුකරුට සහ තේරීම් කමිටු සාමාජිකයන්ට පන්දු වාර විස්ස සහ එක්දින තරඟවලදී තමන් පිළිබඳ ගන්නා ඕනෑම තීරණයකට එකඟවීමට සුදානම් බවද මැතිව්ස් එහිදී පෙන්වා දී තිබෙනවා.
පසුගිය 21 වනදා තේරීම් කමිටු නිලධාරින් සහ පුහුණුකරු සමඟ පැවති සාකච්ඡාවේදී තමන්ට නායකත්වයෙන් ඉවත්වන ලෙස සිදුකළ දැනුම්දීම සම්බන්ධයෙන් පුදුමයට පත්වූ බවයි ඇන්ජලෝ මැතිව්ස් එම ලිපිය මගින් දක්වා ඇත්තේ.
එහිදී ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පසු බැසීම තමන් වෙත පමණක් පැවරී ඇති බවට එම සාකච්ඡාවේදී හැඟුණු බව ද මැතිව්ස් මෙම ලිිපිය මගින් පෙන්වා දී තිබෙනවා.
මේ අතර ඊයේ දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සහ තේරීම් කමිටු සභාපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේදී ඇන්ජලෝ මැතිව්ස් එක්දින සහ විස්සයි විස්ස නායකත්වයෙන් ඉවත්වන බවට ප්‍රකාශ කෙරුණා.