නැගෙනහිර වනජීවි කලාපයේ කුමන ප්‍රදේශයේ දි මවගෙන් වෙන්වුණ ඇත් පැටවකු අම්පාර වනජීවි සෞඛ්‍යය ඒකකයේ නිලධාරින් විසින් සොයාගෙන තිබෙනවා.
මෙම ඇත් පැටවාගේ වයස අවුරුද්දක් පමණ වන බවයි වනජීවි නිලධාරින් කියා සිටියේ.
ඇත් පැටවාට නිරෝගී තත්වයෙන් සිටින බවයි අම්පාර වනජීවි පශු වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර පවසන්නේ.
එමෙන්ම මෙම ඇත් පැටවා තව ටික දිනකින් කිහිපයකින් උඩවලව ඇත් අතුරැ සෙවණට භාරදෙන බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.
(ඡායාරූප – අම්පාර – වසන්ත චන්ද්‍රපාල)