Gossips

නුවරඑළියේ 17 දෙනෙකු සංකූලතාවලට ලක්කළ එන්නත ගැන විශේෂ විමර්ශනයක්

නුවරඑළිය මහ රෝහලේ අක්ෂි රෝග සායනයෙන් ප්‍රතිකාර ලබාගත් රෝගීන් 17 දෙනෙකු විවිධ සංකූලතාවලට ලක් වූ බවට කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශණයක් සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ අනුවයි නුවරඑළිය මහ රෝහලේ අක්ෂි රෝග සායනය සදහා ලබා දී ඇති මෙම එන්නත් තොඟය තාවකාලිකව භාවිත කිරීමෙන් වළකින ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නුවරඑළිය මහ රෝහලේ අධ්‍යක්ෂවරයාට නියෝග කර ඇත්තේ.
මෙම අක්ෂි සායනයට පසුගියදා රෝගීන් 55 ක් පැමිණ ඇති අතර ඔවුන්ගෙන් 17 ක් මෙම සංකූලතා වලට ගොදුරු වූ බවටයි වාර්තා වන්නේ.
ඔවුන් නැවත රෝහල් ගත වී ඇති අතර එම රෝගීන්ට යළි ප්‍රතිකාර ආරම්භ කර තිබෙනවා.
එම සංකූලතාවලට ලක්වූ රෝගීන්ගේ තත්ත්වය මේ වනවිට සුව අතට හැරෙමින් තිබෙන බවයි රෝහලේ වෛද්‍යවරුන් වැඩිදුරටත් පවසන්නේ.
එමෙන්ම මෙම එන්නත භාවිත කළ වෙනත් රෝහල්වල අක්ෂි සායන වලින් මෙවැනි ගැටලුවක් වාර්තා නොවු අතර කෙසේවෙතත් එන්නත වැඩිදුර පරීක්ෂණ සදහා ජාතික ඖෂධ තත්ත්ව පරීක්ෂණාගාරයට යොමු කරන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කළේ.