Gossips

යතුරුපැදි අනතුරකින් තරුණයෙකුට බරපතලයි (ඡායාරූප)

යාපනය,පේදුරුතුඩුව ප්‍රදේශයේ යතුරු පැදියක් පෞද්ගලික බස් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් කළ තරුණයෙකු බරපතල තුවාල ලබා යාපනය රෝහලට ඇතුලත් කර තිබෙනවා.
මෙලෙස තුවාල ලබා ඇත්තේ යාපනය කට්කෝවලම් ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.
යතුරුපැදියේ අධික වේගය අනතුරට හේතුව බවයි මුලික පොලිස් පරීක්ෂණ වලදී හෙළිවී ඇත්තේ.
අනතුර සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

(ඡායාරූප – වවුනියාව – මාධව කුලසූරිය)