Gossips

මාලදිවයින් මැතිවරණයේ ජය විපක්ෂ අපේක්ෂකයාට

මාලදිවයින් ජනාධිපතිවරණයේ ජයග්‍රහණය තමන් සතු බව විපක්ෂ අපේක්ෂක ඊබ්‍රාහිම් මොහොමඩ් ප්‍රකාශ කර තිබෙනවා.
මේ වනවිට ප්‍රකාශයට පත් කර ඇති සියයට 92 ක ඡන්ද ප්‍රතිඵලවලින් තමන් වත්මන් ජනාධිපති අබ්දුල් යමීන්ට වඩා සියයට 16 කින් ඉදිරියෙන් පසුවන බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.
කෙසේ වෙතත් මේ වනවිට ඡන්ද පෙට්ටි 472 න් 437 ක ඡන්දය ගණන් කර අවසන් කර ඇති අතර, මෙතෙක් සිය අවසන් නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කර නොමැති බව මාලදිවයින් මැතිවරණ දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.