Gossips

මුදල් උපයන්න දරුවන් යොදා ගැනීම ගැන විමර්ශන ඇරඹේ

මුදල් ඉපයීම සඳහා දරුවන් යොදා ගැනීම පිලිබද විශේෂ ආවේක්ෂණ කණ්ඩායමක් යොදා විමර්ශන ආරම්භ කර ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ප්‍රකාශ කළා.
තෝරා ගත් ප්‍රදේශ කිහිපයක් ආශ්‍රිතව එම මෙහෙයුම ක්‍රියාත්මකයි.
භාරකරුවන්ට වුව ද, දරුවන් මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් යොදා ගැනීම තහනම් කරුණක්.
එහෙත්, විවිධ අසනීප පවතින බව ප්‍රකාශ කර සාමාන්‍ය ජනතාවගෙන් ළමයින් යොදවා ගෙන මුදල් එකතු කිරීමේ අවස්ථා රැසක් වාර්තා වී ඇති බවයි ළමා ආරක්ෂක අධිකාරිය සදහන් කළේ.
එවැනි තොරතුරු ඇත්නම් අධිකාරියේ 1929 ක්ෂණික ඇමතුම් අංකයට ලබාදෙන ලෙස ද එම අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මේ වනවිට ශ්‍රී ලංකාවේ වීථි දරුවන් සම්බන්ධයෙන් ද නිල තොරතුරුද වගකිව යුතු අංශ සතුව නැහැ.
පරිවාස සහ ළමා රක්ෂක දෙපාර්තමේන්තුව හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සදහන් කළේ ඒ අනුව අදාළ තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීමේ කටයුතු ආරම්භ කරන බවයි.