Gossips

ජපාන රොබෝවරුන් උල්කාවක් ගවේෂණය අරඹයි

රුයුගු නම් වූ උල්කාපාතය වෙත පතිත කළ ජපාන රොබෝ රෝවර් යානා සිය ප්‍රථම ඡායාරූප පෘථිවිය වෙත එවා තිබෙනවා.
ජපාන අභ්‍යවකාශ ගවේෂණ ආයතනය සඳහන් කළේ එමඟින් සූර්යග්‍රහ මණ්ඩලයේ නිර්මාණය පිළිබඳ තොරතුරු රැසක් අනාවරණ කරගැනීමට හැකිවනු ඇති බවයි.
ජපානය මෙලෙස උල්කාවක් වෙත රොබෝ රෝවර් යානා පතිත කළේ ඒ ආකාරයේ ප්‍රථම ගවේෂණ මෙහෙයුම ලෙසින්.
ඒ සඳහා 2014 වසරේ උඩු ගුවනට යැවූ හයබූසා යානය උල්කාවේ සාම්පල රැගෙන 2020 වසරේ යළි පෘථිවියට පැමිණීමට නියමිතයි.
උල්කාපාතය වෙත රොබෝ යානා නිකුත් කර ඇත්තේ මෙම අභ්‍යවකාශ යානය මගින්.