Gossips

හබරණට නව දුම්රිය මාර්ගයක්

කුරුණෑගල සිට හබරණ දක්වා ඍජු දුම්රිය මාර්ගයක් ඉදිකිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.
නව දුම්රිය මාර්ගය ඉදිකිරීමට මේ වනවිටත් චීන එක්සිම් බැංකුවෙන් ඩොලර් බිලියනයක ණය මුදලක්ද ඉල්ලා ඇති බවයි එම අමාත්‍යාංශ ලේකම් එස්. විතානගේ හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ.
මේ වනවිට උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය සිදුවන්නේ මහව හරහා හබරණට ගමන් කිරීමෙන්.
කුරුණෑගල සිට හබරණ දක්වා නව ඍජු දුම්රිය මාර්ගය ඉදිකිරීමෙන් හබරණට ළඟාවීමට ඇති දුර ප්‍රමාණය කෙටි වනු ඇති.
මෙම දුම්රිය මාර්ග ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුවහොත් එය මෙතෙක් ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන විශාලතම ව්‍යාපෘතියක් බව සඳහන්.
අදාළ ණය මුදල ලැබුණහොත් එහි ඉදිකිරීම් කටයුතු චීන රාජ්‍ය ඉදිකිරීම් ඉංජිනේරු සංස්ථාවට හිමිවනු ඇති.
පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීමටයි සැළසුම් කර ඇත්තේ.
මේ අතර හබරණ සහ පළුගස්වැව අතර මාර්ගයේදී පසුගියදා ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රියක වන අලි රංචුවක් ගැටුණු අවස්තාවේ පිටතට කාන්දුවූ ඉන්ධන එක් රැස් කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් දුම්රිය දෙපාර්තමේන්තු කම්කරුවා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
එම කම්කරුවා දුම්රිය දෙපාර්තමේන්තුවේම නිලධාරීන් පිරිසක් විසින් හබරණ පොලීසියට භාරදී තිබූ අතර, ඔහු මේ මස 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණේ.