Gossips

නාලක සිල්වා සහ නාමල් කුමාරගේ ඇමතුම් රස පරීක්ෂකට

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා පිළිබඳ හෙළිදරව්වක් සිදුකළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාරගේ ඇමතුම් ඇතුලත් ජංගම දුරකථනයේ දත්ත පරීක්ෂා කිරීම සඳහා එය රජයේ රස පරීක්ෂකවරයා වෙත මේ වනවිට යොමුකර තිබෙනවා.
ඒ, ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ නාමල් කුමාර යන අයගේ කට හඩ සැසඳනේනේද යන්න තීරණය කිරීම සඳහායි.
ඊට අදාළ වාර්තාව ඉදිරි සතිය තුළ ලැබෙනු ඇති බවට බලාපොරොත්තු වන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
නාමල් කුමාර පසුගිය 12 වනදා මහනුවරදී මාධ්‍ය හමුවක් කැඳවමින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සමග තමන් පැවැත්වූ බව කියන දුරකථන සංවාදයක හඩ පටයක් මාධ්‍ය වෙත මුදා හැරියා.
එමඟින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට අනතුරක් සිදු කිරීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන්ද කරුණු දක්වා තිබූ අතර, අනතුරුව නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අනිවාර්ය නිවාඩු යැවීමටද කටයුතු කෙරුණා.
මේ අතර දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාරගේ නිවසට පැමිණි ඉන්දීය ජාතිකයෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ වනවිට එම පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇති බවයි වාර්තාවන්නේ.