Gossips

ඡන්දයට පෙර පොලීසිය මාලදිවයින් විපක්ෂ මූලස්ථානය වටලයි

මාලදිවයින් ජනාධිපතිවරණය අදට යෙදී ඇති අතර, ඊට පෙර ඊයේ දිනයේදී මාලදිවයින් පොලීසිය එරට විපක්ෂ දේශපාලන පක්ෂ මූලස්ථානය වටලනු ලැබුවා.
මාලදිවයින් ප්‍රජාතන්තවාදී පක්ෂ කාර්යාලය මෙලෙස වැටලීම සඳහා අධිකරණ නියෝගයක් හෝ ලබාගෙන නොමැති බව සඳහන්.
කෙසේ නමුත් මාලේ පොලීසිය සඳහන් කළේ නීතිවිරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා එම පියවර ගනු ලැබූ බවයි.
ජනාධිපතිවරණය සඳහා ප්‍රචාරක කටයුතුවල යෙදීම ඊයේ පස්වරු හයෙන් අවසන් වූ අතර, ඉන්පසු සිදුකරන ප්‍රචාරක කටයුතු නීතිවිරෝධී වනවා.
කෙසේ නමුත් ඊට පෙරම මාලදිවයින් විපක්ෂ ක්‍රියාකාරීන්ට සිය පක්ෂ මූලස්ථානය වෙත පැමිණීම පොලීසිය විසින් වළක්වා තිබුණා.
මෙවර මැතිවරණයට ඉදිරිපත්වීම වළක්වා ඇති හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ශ්‍රී ලංකාවේ සිට ප්‍රකාශ කළේ ජනාධිපතිවරණයෙන් වත්මන් ජනපති අබ්දුල්ලා යමීන් පරාජය වුවත් දිගටම බලයේ රැඳී සිටිනු ඇති බවයි.