Gossips

ණය ගැන ආණ්ඩුව වැරදි ප්‍රතිරූපයක් නිර්මාණය කරන බව හිටපු ජනපති කියයි

රටේ ණය බර පිළිබඳව ආණ්ඩුව අඛණ්ඩව වැරදි ප්‍රතිරූපයක් ඉදිරිපත් කරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ගාල්ල ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්.
එහිදී හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ රුපියල අවප්‍රමාණවීමත් සමඟ රටේ ආර්ථිකය කඩාවැටීමට ලක්වන බවයි.
එමෙන්ම රැකියා දශලක්ෂයක් ලබාදෙන බව පවසමින් බලයට පැමිණි වත්මන් රජය රැකියා ලක්ෂ ගණනක් මේ වනවිට අහිමි කරමින් පවතින බවයි හිටපු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.