දෙහිවල – අත්තිඩිය ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස ආනයනය කළ මිල අධික විදේශීය මත්පැන් තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත්තේ පෙරේදා පස්වරුවේයි.
එහිදී විවිධ වර්ගයේ මත්පැන් බෝතල් 714 ක් සොයාගෙන ඇති අතර, ඒවායේ වටිනාකම රුපියල් 60 ලක්ෂ අසූහතරදහසකට අධික බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
සැකකරු 56 හැවිරිදි අත්තිඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
වැඩිදුර විමර්ශණ සඳහා ඔහු දෙහිවල පොලිසියට භාරදී තිබෙනවා.