Gossips

මාලදිවයින් මැතිවරණය අදයි – චීනය සහ ඉන්දියාව අවධානයෙන්

සිය ප්‍රධාන ප්‍රතිවාදියා බලහත්කාරයෙන් ඉවත් කොට ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ රජය අද පවත්වන මාලදිවයින් මැතිවරණය පිළිබඳව චීනය සහ ඉන්දියාවේ දැඩි අවධානය යොමුව තිබෙනවා.
යමීන් මේ වනවිට චීන හිතවාදියෙකු වී සිටින අතර, ඔහුගේ ප්‍රතිවාදි ඊබ්‍රාහිම් මොහොමඩ් ඉන්දියාවට සහ බටහිරට යොමුවූ අයෙකු ලෙසයි සැළකෙන්නේ.
කෙසේ නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නිදහස් කරනු ලැබුවද හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඩ්ට යළි දේශපාලනයට පිවිසීමට අබ්දුල්ලා යමීන් රජය ඉඩ ලබාදුන්නේ නැහැ.
ඒ වෙනුවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඉන්පසු ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය වෙනස් කරනු ලැබුවා.
කෙසේ නමුත් තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදය පිරිහීම, මාලදිවයිනට එරෙහිව සම්බාධක පැනවීමට හේතුවනු ඇතැයි යුරෝපා සංගමය සහ ඇමරිකාව ප්‍රකාශ කළා.