Gossips

මහවැලි ගඟේ තවදුරටත් අවිධිමත් වැලි ගොඩදැමීම්

මහවැලි ගඟේ සිදුවන අවිධිමත් වැලි ගොඩදැමීම් හා ඒ හරහා මතුවී ඇති පාරිසරික ගැටලු හිරු ප්‍රවෘත්ති ඔස්සේ අප අනාවරණය කළේ වරක් දෙවරක් නොවේ.
නමුත් බලධාරීන්ගේ අලස ක්‍රියාකලාපය හේතුවෙන් අද වන විටත් එම ක්‍රියාකාරකම්හි අඩුවක් දකින්නට නැහැ.
මෙරට දිගම ගංඟාව වන මහවැලි ගඟ ආශ්‍රිතව මහා පරිමාණයෙන් සිදුවන වැලි ජාවාරම් පිළිබද හිරු සි අයි ඒ හරහා අප අවස්ථා ගණනාවකදිම අනාවරණය කලා.
මහියංගන ප්‍රදේශයේ සීමාවකින් තොරව දිවා රෑ සිදුවන වැලි ගොඩදැමීම් හේතුවෙන් මහවැලි ගග හරහා ඉදිකර ඇති වේරගංතොට පාලමට අත්ව ඇති අවධානාත්මක තත්ත්වයද අප එහිදී පෙන්වා දුන්නා.
තත්ත්වය තවත් ව්‍යාකූල කරමින් මහවැලි ගඟේ පගරගම්මන, පොදු නාන තොටුපලද මේ වන විට , වැලි කණින්නන්ගේ ග්‍රහණයට නතුව ඇති අතර මේ හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවට දිය නෑමට පවා නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙනවා.
මෙම චෝදනාව පිලිබද සොයා බැලිමට මහියංගන ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රි කණ්ඩායමක් ඇතුළු පිරිසක් පසුගියදා අදාළ ප්‍රදේශයේ නිරීක්ෂනයක නිරත වුනා.
නමුත් එහිදී වැලි ගොඩදැමීමේ නිරත පුද්ගලයන්ගෙන් එල්ල වුයේ දැඩි විරෝධයක්.
කෙසේ වෙතත් මෙහිදී වැලි ගොඩදැමීමේ නිරත පිරිසක් සදහන් කළේ තමන් නිත්‍යානුකූල බලපත්‍ර උපයෝගී කරගනිමින් අදාළ කැනිම් කටයුතු සිදු කරන බවයි.