Gossips

නුවරඑළියේ රජයේ ඉඩමක් ගම්වාසීන් පිරිසක් බලහත්කාරයෙන් අල්ලාගනී

නුවරඑළිය කන්දේ ඇල ප්‍රදේශයේ රජය සතු ඉඩමක් බලහත්කාරයෙන් අල්ලාගැනීමට ගම්වාසීන් පිරිසක් කටයුතු කර තිබෙනවා.
ඔවුන් පවසන්නේ විවිධ කූට උපක්‍රම හරහා මහා පරිමාන ව්‍යාපාරිකයන් තමන්ට අයිති විය යුතු ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන වගා කිරීම හේතුවෙන් මෙම ඉඩම් ඇල්ලීම සිදු කළ බවයි.
නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කන්දේ ඇල ප්‍රදේශයේ ඇති හෙක්ටයාර 2.52 වපසරියකින් යුතු මෙම ඉඩම 2011 වසරේදී ගුවන් විදුලි සංස්ථාව දීර්ඝ කාලීන බදු පදනම යටතේ ලබා ගන්නවා.
2017 වසරේදී සිදු කළ විගණනයකදී හෙළිවන්නේ ගුවන් විදුලි සංස්ථාව, ජාතික යොවුන් සේනාංකය හා පෞද්ගලික බදුකරුවෙකු විසින් මෙම ඉඩම කිසිදු බදු මුදල් ගෙවීමකින් තොරව අනවසරයෙන් භුක්ති විදිනා බවයි.
කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් එවකට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කිසිදු නෛතික ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ.
කන්දෙඇල ජනතාව මෙම ඉඩම බලහත්කාරයෙන් අත්පත් කර ගෙන ඉඩම් වෙන් කිරීම ආරම්භ කරන්නේ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඔවුන්ගේ ඉඩම් ගැටලුවට විසදුමක් ලබා නොදෙන පසුබිමක් යටතේයි.