Gossips

බැරිකම පිළිගන්නැයි මහින්ද කියයි

රුපියල අවප්‍රමාණවීම පාලනය කිරීමට රජය අපොහොසත් වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
කොළඹ – විජේරාම පාරේ සිය නිළ නිවසේ අද පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ රුපියල පාලනය කිරීමට මැදිහත් නොවුණහොත් රට දරුණු තත්ත්වයකට පත් විය හැකි බවයි.
මෙම අර්බුදයට විසඳුම් සෙවීමට ආණ්ඩුවට නොහැකි නම් නොහැකියාව පිළිගැනීමට කාලය එළැඹ ඇති බවද හිටපු ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.
මාධ්‍ය හමුවට එක්වූ විමල් වීරවංශ මන්ත්‍රීවරයා කියා සිටියේ ඉතියෝපියානු මුදල් ඒකකයට සාපේක්ෂවද ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇති බවයි.
විකල්ප ආණ්ඩුව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ බලවේගය බව සඳහන් කළ ඔහු රට භාර ගැනීමට එම බලවේගය සූදානම් බවද කියා සිටියා.
පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියා.