Gossips

update : දෙමටගොඩ දුම්රිය අංගනයේ ගින්න මැඩපවත්වයි (ඡායාරූප)

දෙමටගොඩ දුම්රිය අංගනයේ දුම්රිය මැදිරි 3ක හට ගත් හදිසි ගින්න මේ වනවිට මැඩපවත්වා තිබෙනවා.
දෙමටගොඩ පොලීසිය සඳහන් කළේ අලූත්වැඩියා සිදුකිරීම සඳහා රැගෙන ආ දුම්රිය මැදිරිවල මෙම ගින්න හටගෙන තිබූ බවයි.
ගින්නට හේතුව හෝ එයින් අදාළ මැදිරි වලට සිදුවූ අලාභ හානිය මෙතෙක් වාර්තා වී නොමැති බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ.
update :- Saturday, 22 September 2018 – 15.14
————————————————-
දෙමටගොඩ දුම්රිය අංගනයේ දුම්රිය මැදිරි 3ක ගින්නක්
දෙමටගොඩ දුම්රිය අංගනයේ දුම්රිය මැදිරි 3ක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.
දෙමටගොඩ පොලීසිය සඳහන් කළේ අලුත්වැඩියා සිදුකිරීම සඳහා රැගෙන ආ දුම්රිය මැදිරිවල මෙම ගින්න හටගෙන ඇති බවයි.
ගින්න පාලනය කිරීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයේ ගිනි නිවීමේ රථ 03ක් මේ වන විට යොදා ඇති බව ද එම ඒකකය සඳහන් කළා.